Loading...
අධිකරණ සිරමැදිරියක සිටි රැඳවියෙක් හදිසියේම මියයයි.
Local අධිකරණ සිරමැදිරියක සිටි රැඳවියෙක් හදිසියේම මියයයි.
  • Admin
  • Jan 15, 2026 | 12:20

හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිරමැදිරියක රඳවා සිටියදී රැඳිවියෙකු හදිසියේම රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ (14) පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට රැගෙනා ආ රැඳවියෙකු බව පොලීසිය පවසයි.


ඔහු පොළොන්නරුව B.O.P 305 ගිනිපෙට්ටි පාලම අසල පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි.


මින්නේරිය පොලිස් වසමේ සිදු කරන ලද බුදුපිළිම සොරකම්කිරීමක් පිළිබඳව වරෙන්තු ලබා පසුව අධිකරණයට ඉදිරිපත් වී ඇප ලැබුණ ද ඇපදීමට කෙනෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව පොළොන්නරු රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිට ඇත.


මරණය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.