පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.
බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ නිවසේ සිටියදී ඒ අසළම පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබේ.
එය දුරදිග යෑමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් මියගිය පුද්ගලයාගේ හිසට පහර දී ඝාතනය කර ඇත.
ඝාතනය සිදුකළ පුද්ගලයාගේ සහෝදරිය මියගිය පුද්ගලයාගේ බිරිඳ වන අතර, ඇයට වෙනත් අයෙකු විවාහ කරගැනීමට සැකකරු උදව් කිරීම හේතුවෙන් මෙම බහින්බස්වීම ඇතිව තිබේ.
සැකකරු ඊයේ (14) රාත්‍රි 9ට පමණ තම නිවස බදු දී ඇති පුද්ගලයාගෙන් කුලී මුදල ලබාගැනීමට ඔහු පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සැකකරුව දැක බහින්බස්වී ඇත.
පසුව මියගිය පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදීමට යෑමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට පොල්ලකින් පහරදුන් බව සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබේ.
සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ කොළඹ කඳවුරක සේවය කරන පොලිස් නිලධාරියෙකු බව අනාවරණය වුණි.
ඝාතනය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.