සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව රාවතාවත්ත ද සොයිසා පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිදිරි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.
මොරටුවේ මුතුවා යන අනවර්ථ නමින් ප්‍රසිද්ධ සැකකරු මොරටුව, කොට්ටාව, පිළියන්දල, එගොඩ උයන සහ කැස්බෑව යන ප්‍රදේශයන්හි කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා පලා යන අයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඒ අවස්ථාව වනවිට ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 7,500 ක් ද තිබී ඇති බව ද පොලීසිය කියයි.
පසුගිය වසරේදී මොරටුවේ ස්වර්ණාභරණ අලෙවිසැලකට ස්වර්ණාභරණ මිලදී ගැනීමට යන මුවාවෙන් පැමිණ එහි තිබූ ලක්ෂ 10 කට අධික වටිනාකමින් යුත් ආභරණ සොරකම් කරගෙන පලා ගොස් තිබේ.
මෙම සැකකරු මොරටුව සහ එගොඩඋයන ප්‍රදේශයන්හී නවතා තිබූ යතුරුපැදි දෙකක් සොරාගෙන ඒ්වායේ ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල මංකොල්ල කා පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණවී ඇත.
අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී ඇති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මෙලෙස රන්මාල කොල්ලකා ඇති අතර ඒවා උකස් ආයතනවලට උකස් කර මුදල් ලබා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.