Loading...
භූතාන ක්‍රීඩකයෙක්ගෙන් විස්සයි20 ලෝක වාර්තාවක්
Sports භූතාන ක්‍රීඩකයෙක්ගෙන් විස්සයි20 ලෝක වාර්තාවක්
  • Admin
  • Dec 30, 2025 | 10:44

භූතාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සෝනම් යේෂි විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.ඒ විස්සයි20 ක්‍රිකට් තරගයක කඩුලු 8ක් ලබා ගනිමිනි.මියන්මාරය සමග පැවති තරගයේ දී යේෂි නියමිත පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව තිබේ.එම තරගයේ දී භූතාන කණ්ඩායම මියන්මාර කණ්ඩායම පරදවා ලකුණු 82ක ජයක් හිමිකර ගැනීමට ද සමත් වී ඇත.