Loading...
වෙසක් පොහොය මැයි 30ට ගන්න.ත්‍රෛනි­කා­යික මහ­නා­යක හිමි­ව­රු­න්ගෙන් ජන­ප­තිට ලිපි­යක්.
Local වෙසක් පොහොය මැයි 30ට ගන්න.ත්‍රෛනි­කා­යික මහ­නා­යක හිමි­ව­රු­න්ගෙන් ජන­ප­තිට ලිපි­යක්.
  • Admin
  • Dec 30, 2025 | 11:02

ලබන වසරේ මැයි 1 සහ 30 දෙදි­නම වෙසක් පොහොය දෙකක් යෙදෙන බැවින් වෙසක් පුන් පොහෝ දිනය 30 වැනිදා ලෙස ප්‍රකා­ශ­යට පත් කර­න්නැයි ත්‍රෛනි­කා­යික මහා­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේ ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ලිපි­යක් යොමු කර­මින් පව­සති.

රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය මඟින් ප්‍රකා­ශිත දින දර්ශ­න­යට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසන් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකා­ශ­යට පත්කර තිබෙන බවත් එම දිනයේ දී විසා නැකැත නොයෙ­දෙන බැවින් වෙසක් පුන් පොහෝ දිනය ලෙස මැයි 30 යොදා ගැනීම සුදුසු බවත් ස්වාමීන් වහ­න්සේ ජනා­ධි­ප­ති­ව­රයා වෙත යැවූ ලිපියේ සඳ­හන් කර තිබේ. මැයි 1 දා විසා නැකැත නොයෙ­දීම නිසා එදින වෙසක් පුර පස­ළො­ස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බ­න්ධ­යෙන් සමා­ජයේ මේ වන­විට දැඩි සංවා­ද­යක් නිර්මා­ණය වී ඇති බවත් මේ සම්බ­න්ධව අව­ධා­නය යොමු කළ ත්‍රෛනි­කා­යික මහා නායක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේ ප්‍රමුඛ ගරු­තර කාරක මහා සංඝ සභා­වන් සහ නැකැ­ත්ක­රු­ව­න්ගේද අද­හස් විමසා චිරා­ගත ශාසන සම්ප්‍ර­දා­යා­නු­කූ­ල­වද විසා නැකැත යෙදෙන එළැ­ඹෙන මැයි 30 වැනි දින වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනීම බව තීර­ණය කළ බවත් එම ලිපියේ සඳ­හන් කර ඇත.

ඒ අනුව වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳි චිරා­ගත ශාස­නික මෙන්ම ආග­මික කර්ත­ව්‍ය­යන් හා රාජ්‍ය උත්සව ද එදි­නට යොදා ගැනී­මට අදාළ රාජ්‍ය නිල­ධා­රීන් වෙත උප­දෙස් ලබා දීමට කට­යුතු කරන ලෙසත් අදාළ ලිපිය මඟින් මහා­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේ ජනා­ධි­ප­ති­ව­ර­යාට දැනුම් දී ඇත.

මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශ්වයේ මහා­නා­යක වර­කා­ගොඩ ශ්‍රී ඤාණ­ර­තන, අම­ර­පුර මහා නිකායේ මහා­නා­යක කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා­නා­යක මකු­ලෑවේ විමල යන මහා­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේ­ගේ අත්ස­නින් මේ ලිපිය ජනා­ධි­ප­ති­ව­රයා වෙත යොමු කර තිබේ.