Loading...
2025 වසර තුළ පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පනත් ගණන 26ක්.
Local 2025 වසර තුළ පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පනත් ගණන 26ක්.
  • Admin
  • Dec 30, 2025 | 10:42

2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා වූ කාලය තුළ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ රජයේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.


එම පනත් අතරට එකතු කළ අගය මත බදු (සංශෝධන), අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සහ ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) යන පනත් කිහිපයක්ද ඇතුළත් වේ.