Loading...
දිට්වා සුළි කුණාටුවෙන් කම්කරුවන් 374 000 පීඩාවට පත් වෙලා - ජාත්‍යන්තර කම්කරු සංවිධානය.
Local දිට්වා සුළි කුණාටුවෙන් කම්කරුවන් 374 000 පීඩාවට පත් වෙලා - ජාත්‍යන්තර කම්කරු සංවිධානය.
  • Admin
  • Dec 23, 2025 | 11:46

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කම්කරුවන් 374 000 දක්වා පීඩාවට පත්ව ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.නොවැම්බර් මස අග භාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ මෙම දිට්වා සුළි කුණාටුව මගින් ශ්‍රම වෙළඳපොළට සිදු වී ඇති හානිය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිකුත් කරන ලද ඊයේ (23) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.ගංවතුර සහා නායයෑම් හේතුවෙන් සේවකයින් 374000කට මේ පීඩාවට පත්වීමේ අවදානම ඇති බවත්, ඒ අනුව මසකට ඇමරිකානු ඩොලර් මිලියන 48 ක පමණ ආදායමක් අහිමිවීමක් සිදුවිය හැකි බවත් එහි දැක්වේ.ජීවනෝපාය මාර්ග යථා ත්‍ත්ත්වයට පත් කිරීම සඳහා හදිසි මුදල් ආධාර සහ රැකියා උත්පාදනය කරන මුල්කාලීන ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම, කෘෂිකාර්මික හා ධීවර අංශවලට සහය ලබාදීම සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා දිගුකාලීනව සමාජ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කළ යුතු බවත් එම වාර්තාව මගින් අවධාරණය කර තිබේ.