මත්පැන් නිෂ්පාදනාගාරවල නිපදවන මත්පැන්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ප්‍රථමවරට පරීක්ෂණාගාරයක් අද (23දා) විවෘත කරනු ලබයි.පූගොඩ නැදුන්ගොල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම පරීක්‍ෂණාගාරය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00 ට විවෘත කෙරේ.මේ වනවිට මත්පැන් නිෂ්පාදනාගාරවල නිපදවන මත්පැන් සම්බන්ධයෙන් රජයේ රසපරීක්‍ෂක කාර්යාලයට යොමුකර වාර්තා ලබාගන්නා අතර මින් ඉදිරියට මත්පැන් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු පරීක්‍ෂණ රැසක් මෙහිදී සිදුකිරීමේ හැකියාව පවතී.අධිකරණය මගින් නීතිමය කටයුතු සඳහා යොමුකරන මත්පැන්වල ප්‍රමිති පරීක්‍ෂාව රජයේ රසපරීක්‍ෂක කාර්යාලය මගින් සිදුකිරීමටත් එම කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමේ නීතිමය හැකියාව සකස්කර ගැනීමටද දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇත.