Loading...
ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ පැකේජයක්.
Local ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ පැකේජයක්.
  • Admin
  • Dec 23, 2025 | 11:36

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.එයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදාන ඇතුළත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසීය.අද පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කළේය.