විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමයෙන් චෝදනා
තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ නොතකා, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර රුපියල් මිලියන 300 ක් වැය කර බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන ‘විකිරණ යන්ත්‍ර’ මිලදී ගැනීම්, ප්‍රශ්න සහගත බව, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.මේ යටතේ, ගම්පහ මහ රෝහලට ‘මැමෝ ග්‍රෑම් යන්ත්‍රයක්’ සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ‘සී. ටී. ස්කෑන් යන්ත්‍රයක්’ මිලදී ගැනීමට පිළිවෙළින් රු. මිලියන 100 ක් සහ රු. මිලියන 200 ක් වෙන් කර ඇති බවත් මෙම ගනුදෙනු දෙක වෙනුවෙන් මහජන මුදල් රු. මිලියන 300 ක් වැය කිරීමට නියමිත බවත් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා කියයි.ගම්පහ මහ රෝහලට පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා භාවිතා කෙරෙන ‘මැමෝග්‍රෑම් යන්ත්‍රය’ මිලදී ගැනීමේ ක්‍රියා පිළිවෙළට සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛය අනුව එම යන්ත්‍රයේ අවසන් භාවිතකරු වන, විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නැති බවද පැවසේ. අවිස්සාවේල්ල මහ රෝහලට ‘සී. ටී. ස්කෑන්’ යන්ත්‍රය මිලදී ගැනීමේ තාක්ෂණික ඇගයීම් කමිටුවට ද විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කරගෙන නැති බවට චෝදනා නැඟේ. මෙම යන්ත්‍රය මිලදී ගැනීමේදී තෝරා ගත් සමාගම් කීපයක් සඳහා ගැළපෙන ලෙස පිරිවිතර ලැයිස්තුව සකස් කර ඇති බවට ද වාර්තා වී ඇතැයි ධර්මවික්‍රම මහතා පවසයි.2023 වසරේදී බස්නාහිර පළාත් සභාව විසින් මේ අයුරින් මිනුවන්ගොඩ මූලික රෝහලට විකිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 345 ක් වැය කළත්, එවකට එම යන්ත්‍රය රුපියල් ලක්ෂ 150 කට ලබා ගත හැකිව තිබූ බව තම සංගමය බලධාරීන්ට පෙන්වා දුන් බව ඒ මහතා කියා සිටී. ලක්ෂ 350 ක් වැය කර මිලදී ගත් එම ස්කෑන් යන්ත්‍රයෙන් මෙතෙක් සම්පූර්ණ ධාරිතාවෙන් පරීක්ෂණ සිදුකොට නැතැයි ද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.