Loading...
අනවසර විදුලි රැහැනක පැටලී සද්ධන්තයෙක් මිය යයි.
Local අනවසර විදුලි රැහැනක පැටලී සද්ධන්තයෙක් මිය යයි.
  • Admin
  • Dec 22, 2025 | 13:21

මරදන්කඩවල,ඉට්ටිකට්ටිය ප්‍රදේශයේ නිවසක් අසල ඊයේ (21)අනවසර විදුලි රැහැනක පැටලී මියගොස් සිටි වන අලියෙකු සොයාගෙන ඇත.

මරදන්කඩවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත තිරප්පනේ වනජීවී නිලධාරීන් මෙම මියගිය වන අලියා සොයාගෙන තිබේ.මිය ගිය වන අලියා උස අඩි 9.2ක වයස අවුරුදු 25ක් පමණ වන පිරිමි සතෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වන නිශ්ශංක කුමාර නැමති පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.