උකස්සකු විසින් බඹර කූඩුවකට සිදුකල කෙටීමක් හේතුවෙන් බඹරුන් ඇවිස්සී බඹරැන් දෂ්ට කිරීමෙන් මාවතගම බෝගහකොටුව ගම්මානයේ වැසියන් හතක් මේවන විට මාවතගම රෝහලේ පුතිකාර ලබති.
එම බෝගහකොටුව ගම්මානයේ ගසක බඹරුන් විසින් විශාල කුඩයක් බැද තිබිණි.උකුස්සකු විසින් එම කූඩයට කොටා ඇති අතර මුළු ගම්මානයේ පුරා කෝපවු බඹරුන් විසිරී ගම්වැසියන් ට පුහාර එල්ල කරන්නට විය බියට පත්වු වැසියන් සී සී කඩ දිවගොස් බේරීීම උත්සාහ කළද ඇතැම් පිරිසකට ඔවුන්ගෙන් බේරීමට නොහැකි විය.අවසානයේ හත්දෙනකුට බඹරුන් විශාල ලෙස දෂ්ට කර තිබුණි. ගම්මානයේ වැසියන් බඹරුන් ගෙන් ගලවා ගනු ලැබුවේ හුළු එළි පන්දම් දල්වා පලවා හැරීමෙනි.අවසානයේ බඹරුන්ගෙන් බේරා ගත් කාන්තාවන් 05ක්, පිරිමි අයෙකු සහ ළමයකු මාවතගම රෝහලට ඇතූලත් කර ඇත.