Loading...
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය පෙරලී මාරක අනතුරක්.
Local අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය පෙරලී මාරක අනතුරක්.
  • Admin
  • Dec 22, 2025 | 13:09

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ඉදිරිපස ගැටී අද (22) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ මල්දෙණිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙයිකෙසේ වෙතත් එම තුවාලකරුවන් දෙදෙනාගේ තත්වය බරපතල නිසා එම තුවාලකරුවන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව දිඹුල පතන පොලිසිය පැවසීය.උදෑසන 10:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය බෝගහවත්ත හරහා කොත්මලේ මහවැලිගම මාර්ගයේ බෙල්ඩන් අඹගස්පිටිය ප්‍රදේශයේදිය.කොත්මලේ මහවැලිගම සිට නාවලපිටිය දක්වා ධාවනය වූ කොත්මලේ ඩිපොවට අයත් ලංගම බස් රථය ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරලි ඉදිරියට ඇදී ගොස් ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත් බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසය කියා සිටියේය.