Loading...
ඇමෙරිකාව යළිත් වෙනිසියුලා නැවක් අත්අඩංගුවට ගනී
Local ඇමෙරිකාව යළිත් වෙනිසියුලා නැවක් අත්අඩංගුවට ගනී
  • Admin
  • Dec 22, 2025 | 09:48

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෑතකදී වෙනිසියුලාවෙන් පිටත්ව ගිය තෙල් නෞකාවක් එරට වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මේ මාසයේ දී ඇමෙරිකාව එරට වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය වන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට ඇතුළු වන සහ පිටවන අනුමත තෙල් නෞකා තහනම් කරන බවට ජනාධිපති නියෝගක් කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.ඇමෙරිකාව විසින් තම තෙල් නැව අත්අඩංගුවට ගැනීම වෙනිසියුලාව විසින් හෙළා දැක ඇති අතර එය සොරකමක් සහ පැහැර ගැනීමක් ලෙස විස්තර කර ඇත. වෙනිසියුලාව මීට පෙර ඇමෙරිකාව තම සම්පත් සොරකම් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ කාටෙල් ඩි ලොස් සෝල්ස් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයකට නායකත්වය දෙන බවත්, ඇමෙරිකාවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සපයනු ලබන බවටත් ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරයි.