Loading...
කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අයකිරීම අද සිට නවතී.
Local කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අයකිරීම අද සිට නවතී.
  • Admin
  • Dec 22, 2025 | 09:50

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී මෙතෙක් අයකළ ගාස්තු අයකිරීම අද (22දා) දහවල් 12.00 සිට නතර කිරීමට කටයුතු කර තිබේ.

පිටත වටරවුම් මාර්ගයේ සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහන සහ කටුනායක අධිවේගී මාර්ගයේ සිට පිටත වටරවුම් මාර්ගයට පිවිසෙන රථවාහනවලට කෙරවලපිටියේ අන්තර් හුවමාරුවේදී නවතා ගෙවීම් සිදුකිරීමකින් තොරව මින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව පවතී.රථවාහන තදබදය අඩුකර ගැනීම මෙමගින් සිදුවේ. මෙතෙක් අධිවේගී මාර්ගයට පිවිසීමේදී පැවැති ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අද (22දා) සිට සීදුවේ හා පෑලියගොඩ අන්තර් හුවමාරුවලදී පිටවීමේ සහ ඇතුළුවීමේ ගාස්තු අයකිරීම සිදුකෙරේ.