ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ලොව ප්‍රමුඛතම ධනපතියා ද වන එලොන් මස්ක්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 749 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකානු අධිකරණය මගින් ඩොලර් බිලියන 139 ක් වටිනා ටෙස්ලා කොටස් නැවත ස්ථාපිත කිරීමෙන් පසු මෙලෙස වත්කම් අගය ඉහළ ගොස් ඇත.පසුගිය නොවැම්බර් මාසයේදී ටෙස්ලා කොටස් හිමියන් එලොන් මස්ක් වෙනුවෙන් ඩොලර් ටි්‍රලියන 1 ක වැටුප් සැලැස්මක් අනුමත කර තිබිණි.