Loading...
ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක්.
Local ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක්.
  • Admin
  • Feb 07, 2026 | 10:42

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙයි

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ නව මිල සංශෝධනයට අනුව රුපියල් 4,250 ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330 ක් වන බවයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා තිබෙයි.

එහි නව මිල රුපියල් 1,742 කි.