Loading...
නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ නැති ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව යාමට අවස්ථාව සලසා තිබෙනවා.
Local නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ නැති ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව යාමට අවස්ථාව සලසා තිබෙනවා.
  • Admin
  • Feb 07, 2026 | 10:39

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා

නිවාඩු නොගෙන සේවය අතැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙබළුන්ට පොදු සමාවක් දීම ක්‍රියාත්මක නොවුණත් මත්ද්‍රව්‍ය ජාවාරමට, පාතාල කල්ලි වලට සහ වෙනත් නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ නොවී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්ව යෑමට අවස්ථාව සලසා ඇතැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව සේවය හැරගොස් සිටින සියලුම දෙනා පිළිබඳව බුද්ධි විමර්ශන තොරතුරු සලකා බලා ඔවුන් නීත්‍යනුකූලව ඉවත්කිරීම සිදුකෙරේ. සේවය ඇතැර පලා යෑමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමක් සිදුනොකරනු ඇත.

සේවය හැරගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙබළුන්ට නැවත භාරවීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්නොකළත් ඔවුන්ට ස්වෙච්ඡාවෙන්ම පැමිණ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්ව යෑමට හැකි බව ද හෙතෙම පැවැසීය.ඔවුන් පිළිබඳ බුද්ධි හා පොලිස් විමර්ශන කටයුතු පුළුල්ව සිදුකෙරෙන අතර ඒ අනුව කිසිම නීති විරෝධි කටයුත්තක නිරත නොවී සිටින සියලුම දෙනා හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.