සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් ඊයේ (07) සිදුවිය.
දෙරට අතර සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් සංවර්ධන අවස්ථා මෙන්ම සුබසාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව දීර්ඝ වශායන් අදහස් හුවමාරු විය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සිහිපත් කළ ටිල්වින් සිල්වා සහෝදරයා ඒ සම්බන්ධව සිය ස්තුතිය පළ කළ අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව සැම විටම විශ්වාස කළ හැකි හිතවත් මිතුරෙකු ලෙස පවතිනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන සහෝදර හසෝදරියන් සහභාගි වූහ.