ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය.
කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුණාටුවෙන් පීඩාවට පත් වූ කර්මාන්තකරුවන්ට සහ පූර්ණ හෝ අර්ධ වශයෙන් නිවාස හානි වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීම අද පෙරවරු 9.00 ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
එසේම, සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් සහ නායයෑම් අධි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් සහ වන්දි ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සහන සැලසීමේ වැඩසටහන්වලට අමතරව, මහනුවර නගරයේ පවතින රථවාහන තදබදයට පිළියම් යෙදීම සඳහා වූ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක වැඩකටයුතු අද ආරම්භ කෙරේ.
මහනුවර – යාපනය මාර්ගයේ ඉදිකිරීමට නියමිත මෙම උමං මාර්ගයේ කටයුතු ජනාධිපතිවරයාගේ සුරතින් ඇරඹේ.
විවිධ හේතූන් මත ඉදිකිරීම් අතරමග නවතා තිබූ ගැටඹේ ගුවන් පාලමේ වැඩකටයුතු ද අද සිට යළි ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.