Loading...
නව විගණකාධිපති සමුදිකා ජයරත්න වැඩ භාරගනී.
Local නව විගණකාධිපති සමුදිකා ජයරත්න වැඩ භාරගනී.
  • Admin
  • Feb 05, 2026 | 12:17

නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.


ජාතික විගණන කාර්යාලයේ දී ඇය එම ධුරයේ වැඩ භාර ගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


මෙරට 42 වන විගණකාධිපතිවරයාවන සමුදිකා ජයරත්න මහත්මිය එම ධුරයට පත් වූ පළමු කාන්තාවද වේ.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කළ, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා පසුගිය 03 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඒකමතිකව අනුමැතිය හිමිවිය.