Loading...
USS Abraham Lincoln නෞකාව "අතුරුදහන්" වෙයි.
Local USS Abraham Lincoln නෞකාව "අතුරුදහන්" වෙයි.
  • Admin
  • Jan 31, 2026 | 09:27

මැදපෙරදිග කලාපය දැඩි යුධ උණුසුමක පවතින මොහොතක, අමෙරිකානු නාවික හමුදාවේ දැවැන්තම ප්‍රහාරක නෞකාවක් වන USS Abraham Lincoln (CVN-72) සියලු සන්නිවේදන සබඳතා අත්හිටුවමින් රේඩාර් තිරවලින් "අතුරුදහන්" වී තිබේ.

යුධ උපක්‍රමයක් ලෙස භාවිතා කරන Emissions Control (EMCON) හෙවත් "අඳුරු වීම" (Going Dark) හරහා නෞකාව සිය පිහිටීම සතුරන්ගෙන් වසන් කර ඇත. ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ මෙය ප්‍රබල හමුදා ප්‍රහාරයකට පෙර සිදුකරන අවසන් පූර්ව සූදානම බවයි.

ඉරානය සම්බන්ධයෙන් ගෝලීය බලවතුන් අනතුරු අඟවා ඇති පසුබිමක, මෙම පියවර හරහා "රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කාලය" අවසන් වී ඇති බවට ඉඟි පළවේ.නවීනතම F-35C සහ F/A-18 ප්‍රහාරක යානා රැසක් සහිත මෙම යුධ නෞකාව ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම්ය.එසේම නෞකාව දැනටමත් කලාපයේ සක්‍රීය මෙහෙයුම් සිදුකරන මධ්‍යම අණදෙන කලාපයේ (CENTCOM) ස්ථානගතව ඇත.