Loading...
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය ගණන 6000 ඉක්මවයි.
Local ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය ගණන 6000 ඉක්මවයි.
  • Admin
  • Jan 27, 2026 | 12:54

ඉරානයේ ක්‍රියාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6,000 ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍රකරගත් මානව හිමිකම් සංවිධාන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ අදාළ උද්ඝෝෂන වලදී පුද්ගලයින් 6,126 දෙනෙක් මියගොස් ඇති බවය.

එහිදී තවත් පුද්ගලයින් 11,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

දින 30ක් ඉක්මවා ගොස් ඇති මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් 41,800කට අධික සංඛ්‍යාවක් ඉරාන ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.