Loading...
පාකිස්තානයත් T20 ලෝක කුසලානය වර්ජනය කරයි ද?
Local පාකිස්තානයත් T20 ලෝක කුසලානය වර්ජනය කරයි ද?
  • Admin
  • Jan 27, 2026 | 12:48

T20 ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්වීමත් සමඟ පාකිස්තානයද සිය සහභාගීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොහ්සින් නක්වි එරට අගමැති ෂබාස් ෂරීෆ් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.

ඒ සම්බන්ධ අවසන් තීරණය එළැඹෙන සිකුරාදා හෝ සඳුදා පවසනු ඇති බව සභාපති මොහ්සින් නක්වි X සටහනක් තබමින් මගින් වැඩිදුරටත් පවසා ඇත.

එලැඹෙන පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු මස 08 වනදා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ සිය කණ්ඩායම සහභාගීවන තරග ශ්‍රී ලංකාවේ පමණක් පැවැත්වීමටය.

නමුත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, T20 ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්වීමට තීරණය කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලිය සඳහා නම් කළේය.