Loading...
යාපනයේ MJP පක්ෂ කාර්යාලයට පිරිසක් ගිනි තියයි.
Local යාපනයේ MJP පක්ෂ කාර්යාලයට පිරිසක් ගිනි තියයි.
  • Admin
  • Jan 14, 2026 | 11:55

යාපනය, තාවඩි ප්‍රදේශයේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයට ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රී 12.50ට පමණ මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ, යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතාගේ නිවස සහ පක්ෂ කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ලටය.

පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ගොඩනැඟිල්ලේ දොරටුව අසලට පෙට්‍රල් වත්කර ගිනි තබන අයුරු CCTV කැමරාවේ ද සටහන්ව ඇති අතර, මුලික තොරතුරුවලින් ද ඒ බව අනාවරණය වී තිබේ.

ගිනිගැනීමෙන් ගොඩනැඟිල්ලේ කොටසකට හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.