Loading...
ආගිල් පුද්ගලික වතුයයේ වතු නිවාස පේලියක ගින්නක්.
Local ආගිල් පුද්ගලික වතුයයේ වතු නිවාස පේලියක ගින්නක්.
  • Admin
  • Jan 09, 2026 | 13:30

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ආගිල් පුද්ගලික වතුයයේ වතු නිවාස පේලියක හට ගත් ගින්නකින් එක් නිවසක් ගිනි ගෙන විනාශ වී ඇති අතර ගින්න නිවීමට යෑමේදි අර්ධ වශයෙන් ඊට යාබදව තිබු තවත් නිවාස 2කට අර්ධ වශයෙන් අලාභ හානි සිදුව ඇත.


අද (9) උදෑසන 8:00 ට පමණ එක් නිවසකින් ගින්න හට ගෙන ඇති අතර, සෙසු නිවාස වලට පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් එක්ව පාලනය කර ඇත.


ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැක කෙරෙන අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත් ගින්නෙන් සිදු වූ අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති බව ගින්න පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසීය.