මුදල් ඔට්ටුවට යතුරු පැදි රේස් පැද්ද තරුණයන් 7 කු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ල එගොඩ උයන සහ පානදුර ප්‍රදේශයේ පදිංචි 18,19,20,21 සහ 22 වියැති තරුණයන් බව පොලිසිය පැවසීය.රාත්‍රි කාලයට පැරණි ගාලු පාරේ මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් යතුරු පැදි රේස් පවත්වන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද පණිවිඩ මත පානදුර පැරණි ගාලුපාරේ ජුබිලි හන්දියේ සහ අවට තැන තැන මාර්ග බාධක යොදා කල වැටලීමකදී යතුරු පැදි 4 ක් සහ තරුණයන් 7 කු අත්අඩංගුවට ගෙන තිබේ.යතුරු පැදි වල සයිලන්සර් කපා හැඩ වෙනස් කර තිබූ බවත් ඒවා යතුරු පැදි රේස් වලදී හදුනාගැනීමට අංක කර තිබූ බවත් පොලිසිය සදහන් කරයි.