Loading...
සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පිරිසක් කොටු.
Local සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පිරිසක් කොටු.
  • Admin
  • Dec 27, 2025 | 15:05

සීදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් 06 කු සහ පෙට්‍රල් බෝම්බ 06 ක් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ග⁣ලයෙකු වන බව සඳහන් වේ.සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.