Loading...
බූස්ස අධි ආරක්ෂිත සිරගෙදරින් ජංගම දුරකතන 133ක් මතුවෙයි.
Local බූස්ස අධි ආරක්ෂිත සිරගෙදරින් ජංගම දුරකතන 133ක් මතුවෙයි.
  • Admin
  • Dec 27, 2025 | 15:02

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133 ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72 කදී මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස හා ගාල්ල කඳවුරේ නිලධාරින් එක්ව බන්ධනාගාර හදීසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම් සිදුකර ඇත.එහිදී ජංගම දුරකතන 133 ක්, සිම් කාඩ්පත් 159 ක්, දුරකතන චාජර් 110 ක්, ඩේටා කේබල් 122 ක්, මෙමරි චිප් 02ක්, ජංගම දුරකතන බැටරි 12 ක්, හෑන්ඩ් ෆ්‍රී 56 ක්, දුම්වැටි කොටස් 12 ක්, පිහි 03 ක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 850 ක් සහ දුම්කොල ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 12 ක් සොයා ගෙන තිබේ.