Loading...
දෙවැනි වෙඩි­ක්කරු රටින් පනින්න වෙනත් නම­කින් පාස්පෝට් හදලා.
Local දෙවැනි වෙඩි­ක්කරු රටින් පනින්න වෙනත් නම­කින් පාස්පෝට් හදලා.
  • Admin
  • Feb 24, 2026 | 12:31

නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි මහතා සහ ඔහුගේ බිරිය අකු­රේ­ගො­ඩදී වෙඩි තබා ඝාත­නය කිරී­මට සම්බන්ධ දෙවැනි වෙඩි­ක්කරු රටින් පලා යෑමට කල්ති­යාම වෙනත් පුද්ග­ල­ය­කුගේ නමින් විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් සකස් කර තිබී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණ­යවී තිබේ. එසේ සකස් කළ විදෙස් ගමන් බල­ප­ත්‍රයේ තොර­තුරු විම­ර්ශන කණ්ඩා­යම් වෙත ලැබී ඇත. වෙඩි­ක්කරු සම්බ­න්ධ­යෙන් තොර­තුරු ඉල්ලා පොලී­සිය මහ­ජන සහාය පතා නිකුත් කළ AI ඡායා­රූප මාධ්‍ය­යට නිකුත් කරන්නේ එම ව්‍යාජ විදෙස් ගමන් බල­ප­ත්‍රය සකස් කිරී­මට යොදා ගත් ඡායා­රූ­ප­යෙන් බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.


පාතා­ලයේ කුලී ඝාත­ක­යෙක් වන එම වෙඩි­ක්ක­රුගේ සැබෑ අන­න්‍ය­තාව නිශ්චිත ලෙස මෙතෙක් තහ­වු­රුවී නැති බවත්, ඔහු මේ වන විට රටේ සිටී ද නැති­නම් රටින් පලා­ගොස් තිබේ ද යන්න සැක සහිත බවත් උසස් පොලිස්

නිල­ධා­රි­යෙක් පැව­සීය.


මේ වෙඩි­ක්කරු තවත් ඝාතන රැස­කට සම්බන්ධ අයෙක් බව පෙනී යන බවත්, ඔහු කොටු­කර ගැනී­මෙන් අබි­ර­හස් රැසක් හෙළි කර­ගැ­නී­මට හැකි වනු ඇති බවත් පොලිස් බල­ධා­රීහු විශ්වාස කරති. නීති­ඥ­ව­ර­යාගේ බිරිය දෙසට රිවෝ­ල්ව­ර­ය­කින් වෙඩි තබන්නේ මේ වෙඩි­ක්කරු විසින් බව ද පොලී­සිය සඳ­හන් කරයි.


මේ ද්විත්ව ඝාත­නයේ ප්‍රධාන වෙඩි­ක්කරු බව සඳ­හන් නීති­ඥ­යාට ටී 56 අවි­යෙන් වෙඩි තැබූ සැක­කරු දින 90 ක් රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන බව ද පොලී­සිය කියයි. ඊට අවශ්‍ය නියෝග පෙරේදා (22) ලබා­ගෙන තිබේ.


කර­න්දෙ­ණිය සුද්දා විසින් මේ ඝාත­නය සැල­සුම් කර ඇති බවත්, ටුටූ නමැත්තා විසින් ඝාත­නය මෙහෙ­යවා ඇති බවත් පැහැ­දි­ලි­වම අනා­ව­ර­ණ­ය වී ඇතැයි විම­ර්ශන කණ්ඩා­යම් සඳ­හන් කරති. අත්අ­ඩං­ගුවේ සිටින වෙඩි­ක්ක­රුව මේ ද්විත්ව ඝාත­න­යට යොදා­ගෙන ඇත්තේ කර­න්දෙ­ණිය සුද්දා විසින් බව ද පොලී­සිය කියයි. කර­න්දෙ­ණිය සුද්දා තමාට උද­වු­උ­ප­කාර කර ඇති බැවින් සහ ඔහුට ණය වී ඇති රුපි­යල් ලක්ෂ 02 ක මුදල වෙනු­වෙන් මේ අප­රා­ධ­යට තමා සම්බන්ධ වූ බවත් සැක­කාර වෙඩි­ක්කරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.


තමා­ගෙන් වැඩක් ගැනී­මට ඇති බව දින කිහි­ප­යක් තිස්සේ කර­න්දෙ­ණිය සුද්දා දුර­ක­ත­න­යෙන් පැවසූ බවත්, ඕනෑම වැඩ­කට කැමති බව ඔහුට පැවසූ බවත් අත්අ­ඩංගු‍වේ සිටින වෙඩි­ක්කරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. ඒ අනුව පසු­ගිය 10 වැනිදා කර­න්දෙ­ණිය සුද්දාගේ උප‍දෙස් මත කොළ­ඹට පැමිණි බවත්, පන්නි­පි­ටිය ප්‍රදේ­ශයේ පිහිටි හෝට­ල­යක නවා­තැන් සකස් කර තිබූ බවත් ඔහු පවසා ඇත. නීති­ඥ­ව­ර­යකු ඝාත­නය කිරී­මට ඇති බව තමා දැන­ගත්තේ 13 වැනිදා උදෑ­සන බවත්, එම ඝාත­න­යට හේතුව කුම­ක්දැයි කර­න්දෙ­ණිය සුද්දා තමාට නොපැ­වසූ බවත් ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.


රැඳ­වුම් නියෝග මත සිටින කාලයේ මෙ‍ෙතක් අනා­ව­ර­ණය නොවූ තොර­තුරු හෙළි­වනු ඇතැයි පොලී­සිය විශ්වාස කරයි.


මේ අතර නීති­ඥ­ව­රයා සහ බිරිය ඝාත­න­යට ආධාර අනු­බල දුන් බව පැව­සෙන තවත් පුද්ග­ල­යකු පෙරේදා (22) රාත්‍රියේ බස්නා­හිර පළාත දකුණු දිසාව අප­රාධ කොට්ඨා­ස­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.එම සැක­කරු සමඟ මේ වන විට එම අප­රා­ධය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් මුළු සැක­ක­රු­වන් සංඛ්‍යාව දස දෙනෙකි. මේ අප­රා­ධ­යට සම්බන්ධ මෝටර් රථ දෙකක් ද පොලිස් භාර­යට ගෙන ඇත.