Loading...
දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියාවක් නිසා හයිලෙවෙල් මාර්ගයේ රිය ධාවනයට බාධා විය හැකියි.
Local දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියාවක් නිසා හයිලෙවෙල් මාර්ගයේ රිය ධාවනයට බාධා විය හැකියි.
  • Admin
  • Feb 24, 2026 | 12:16

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම හේතුවෙන් මාර්තු මාසයේ 05 වනදා සිට 08 වැනිදා දක්වා හයිලෙවෙල් මාර්ගයේ ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය අසල මාර්ගය තාවකාලික වසා තබන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.