Loading...
හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කතක් අත්අඩංගුවට.
Local හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කතක් අත්අඩංගුවට.
  • Admin
  • Feb 06, 2026 | 23:03

හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකාරියක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ.


අදාළ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව නිවාස සංකීර්ණයක තාවකාලික නිවසක් ලබා ගෙන සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.


එහිදී ඇය සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රු. කෝටි එක හමාරකට අධික බව සඳහන්.


සැකකාරිය වයස අවුරුදු 31 ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.


ඇය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඇය වරෙන්තු 04 ක් නිකුත් වී සිටි සැකකාරියක් බවය.


බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.