Loading...
අද පෙරවරුවේ කොළඹ නගර රැසකට පැය 8ක ජල කප්පාදුවක්
Local අද පෙරවරුවේ කොළඹ නගර රැසකට පැය 8ක ජල කප්පාදුවක්
  • Admin
  • Dec 20, 2025 | 10:13

අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ‍, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය දැනුම්දී සිටී.