Loading...
වර්තමානයේ සංඝරත්නයට සහ ශාසනයට ලැබෙන සැලකිලි සම්බන්ධව ගැටලුවක්
Local වර්තමානයේ සංඝරත්නයට සහ ශාසනයට ලැබෙන සැලකිලි සම්බන්ධව ගැටලුවක්
  • Admin
  • Feb 01, 2026 | 11:27

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් සියක් නමක් උදෙසා පැවති සංඝගත දක්ෂිණාව මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ දිනයේදී පැවැත්වුණි.

ඊට සමගාමීව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත " සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය " කෘතිය දොරට වැඩුමද සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්,

"අපි අද ආවේ අපේ මුදුන් මුල හොයාගෙන‍, නැත්නම් අපේ හදවතට මේ උදාර පුදබිම අපට එදාත්, අදත්, හෙටත් කවදාත් වටිනවා. හැබැයි මේ මුලට, මේ බිමට මෙහි වැඩහිඳින නාහිමිවරුන්ට, වර්තමානයේ සමස්ත සංඝරත්නයට, ශාසනයට, සංස්කෘතියට, කලාවට, ඉතිහාසයට තියෙන තැන, ලැබෙන සැලකිලි කොතෙක් දුරට අපට සතුටුවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපි හැමදෙනාටම තිබෙනවා. භික්ෂුව නිහඬ වුණොත් කවුද කතා කරන්නේ? අසාධාරණයට මේ බරපතළ සංස්කෘතික සෝදාපාලුවට. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තර්ජන, ගර්ජනවලට බියවිය යුතු කෙනෙක් නෙවෙයි. දේවදත්තලා හිටපු නිසා තමයි බුදුගුණ ඔය තරම් ලස්සනට ඉස්මතුවන්නේ