Loading...
GMOA සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සැරසෙයි.
Local GMOA සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සැරසෙයි.
  • Admin
  • Jan 31, 2026 | 14:32

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන පෙබරවාරි 02 වැනිදා සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ.


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.


එහිදී පසුගිය 26 වැනි දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කෙරුණි.


කෙසේ නමුත් අදාළ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙහොසත්ව ඇති බැවින් එළැඹෙන 02 වැනිදා සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩ නැවත ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.


ඒ අනුව මීට අදාළව එම සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (31) පෙරවරුවේ පවත්වා ඇති අතර ඒ අනුව මෙම ක්‍රියාමාර්ග ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.