සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබූ එම වැඩමුළුවේ පළමු දිනය සදහා ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ නිළධාරින්, සියලු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්, නියෝජ්‍ය හා සහකාර සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන් කැඳවා තිබුණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා, අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, ආචාර්ය ශාන්ත ජයරත්න මහතා, සමුපකාර සංවර්ධන කොමසාරිස් තරණි කුමාරදාස මහත්මිය, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතළු පිරිසක් එම අවස්ථාවට එක් විය.
සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දැනුවත් කෙරේ.
මෙම වැඩමුළුවේදී උපායමාර්ගික සැලැස්ම (Strategic Framework) පැහැදිලිකිරීම හා සකස්කිරීම පිළිබඳ වෙළෙඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා විසින් සියලු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්, නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කරන ලදී.
නිෂ්පාදන සමූපකාර සමිති අත්පොත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු වන කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් පැහැදිලි කෙරිණ.
රට ගොඩනගන වැඩපිළිවෙල තුළ සමූපකාර ව්‍යාපාරය රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා සමූපකාර දෙපාර්තමේන්තුව හා පළාත් සමූපකාර එක් අරමුණක් වෙනුවෙන් එක් මඟක ගමන් කළ යුතු බැවින් සමූපකාර පනත සංශෝධනය සඳහා කෙටුම්පත් සැකසීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ සදහා සාමාජිකයන්ට හා නිළධාරින්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව මෙහිදී සඳහන් කළෙමි.
සමූපකාර පනතේ ඇති ඇතැම් අඩුපාඩු නිසා, සමූපකාර ව්‍යාපාරයට මුවා වී මහා පරිමාණ වංචාවන් සිදු කිරීමට ඉඩ තැබිය නොහැකි බවත්, අතුරු ව්‍යවස්ථා මඟින් පනතේ පාලනයෙන් ගිලිහීමට ගන්නා උත්සාහයන් වැළැක්විය යුතු බවත් මෙහිදී අවධාරණය කළෙමි.