ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
එම සේවකයින් පෙන්වා දෙනුයේ ලංකා විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය අවස්ථා කිහිපයකදීම කල් දැමීම හේතුවෙන් ඔවුන් මේ වන විට මෙම අර්බුදයකට පත්ව ඇති බවය.
ලංකා විදුලි බල මණ්ඩලය විසුරවා හැරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වැනි දිනයත් මෙම වසරේ ජනවාරි 01 වැනි දිනයත් මින් පෙර ප්‍රකාශයට පත්කර තිබුණද අවස්ථා කිහිපයකදීම මෙම දිනයන් කල් දැමීමට සිදුව ඇති බවත් ඒ අනුව මේ වන විට විසුරුවා හැරීමේ දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත්ව නොතිබීමත් හේතුවෙන් පෙබරවාරි 01 දා වන විට නියමිත ඉලක්ක මග හැරී යන ලකුණු පෙනෙන්නට ඇති බවද එම සේවයකයින් පවසයි.
මේ හේතුවෙන් එම ස්වේච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන එම සේවකයින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම ක්‍රියාවලිය කඩිනම් කර විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසය.
ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට මූල්‍යමය සහ දේපල බිඳ වැටීම්, ඉල්ලුම් කළ විදේශ රැකියා රැකියා අවස්ථා අහිමි වීම්, එම රැකියා සඳහා වීසා සහ නීතිමය ලේඛණ කල්ඉකුත්වීම්, නිවාස සහ පදිංචිය පිළිබඳ පිළිබඳ ගැටලු, සෞඛ්‍ය සහ ආයතනික දියුණුව අඩාල වීම සහ ආයතනය තුළ මානසික පීඩනයට සහ කොන් කිරීමට ලක්ව ඇති බවත් එම සේවකයින් පවසයි.