2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ඇඟලුම් අපනයන ආදායම 5.42%කින් ඉහළ ගොස් ඇතැයි ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි. 2024 වසරේ ඇඟලුම් අපනයනයෙන් උපයා තිබුණු ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.76ක් බවත් එය, 2025 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 5.02ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
2025 වසරේ දෙසැම්බර් මාසයේ ඇඟලුම් අපනයන ආදායම, 2024 දෙසැම්බර් ඇඟලුම් අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 23.03 කින් ඉහළ ගොස් තිබේ. ඊට හේතුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයෙන් ලැබී තිබෙන ඇණවුම් ඉහළ යාමයි.
ඇණවුම් ඉහළ යාම හේතුවෙන් දෙසැම්බර් මාසයේ දී ඇඟලුම් අපනයනයෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.