Loading...
පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය ඇරඹෙයි.
Political පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය ඇරඹෙයි.
  • Admin
  • Dec 19, 2025 | 09:59

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඬාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අද සම්මත කරගැනීමට නියමිතව ඇත.

2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන මෙම පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.