Loading...
ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
Local ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
  • Admin
  • Jan 27, 2026 | 12:39

වාලච්චේන පොලිස් වසමට අයත් ඔට්ටමාවඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

කලක් තිස්සේ පැවති ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ ගුරුවරයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා වාලච්චේන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් පහරදීම සිදුකළ සැකකරු මේ වන විට සැඟව ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.