Loading...
2025 දී ඉලක්කය ඉක්මවා ගිය දේශීය ආදායම් නිලධාරීන්ට 2026 දී ලැබුණු ඉලක්කය.
Local 2025 දී ඉලක්කය ඉක්මවා ගිය දේශීය ආදායම් නිලධාරීන්ට 2026 දී ලැබුණු ඉලක්කය.
  • Admin
  • Jan 15, 2026 | 12:38

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා මෙම වසර තුළ රුපියල් බිලියන 2402 ක ආදායම් ඉලක්කයක් හිමිවී ඇති බව එහි කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.


ඔහු පවසන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විගණන කටයුතු සිදුකිරීම සඳහා මේ වනවිට ගිවිසුමක් අත්සන් කර ඇති අතර එමගින් ලබාදී ඇති ඉලක්කය සම්පූර්ණ කරගැනීමට අපේක්ෂා කරන බවය.


පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 2202 ක ඉලක්කයක් හිමිව තිබූ අතර එම ඉලක්කය පසු කරමින් රුපියල් බිලියන 2244 ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බවද දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසීය.


මේ අතර මිලියන 12 ක පිරිසකට මේ වන විට ‘ටින්‘ අංක නිකුත් කර ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


"2005 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන්න ආදායම් ඉලක්කය වුණේ රුපියල් බිලියන 2202 ක්. එම ආදායම් ඉලක්කය අදාළ වර්ෂයේදී සපුරා ගැනීමට හැකි වුණා. එහිදී අපිට පුළුවන් වුණා රුපියල් බිලියන 2244 ක් එකතු කරගන්න."


"එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන්නු ඉලක්කය ඉක්මවා රු. බිලියන 42ක අතිරේක ආදායමක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ උපයාගත් වැඩිම ආදායම තමයි මේක. 2026 වසර සඳහා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 2402 ක්."


"මෙම ඉලක්කය ළඟා කරගන්න අපි බලාපොරොත්තුවෙන්නේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් හරහා. ඒකාබද්ධව විගණන කටයුතු කරන්න මෙම ගිවිසුම අත්සන් කළා."


"මේ වෙද්දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මිලියන 12 කට TIN අංක ලබාදී තිබෙනවා. මිලියන 17 ක් අපේක්ෂා කරනවා."