සියලු තෙල් නෞකා ඇතුළුවීම සහ පිටවීම තහනම් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට පනවනු ලැබූ සම්බාධක නියෝගයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2.4% කින් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළට වෙනිසියුලාවෙන් සැපයුම් ජාලය අවහිර වීම තෙල් මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර, ට්‍රම්ප්ගේ සම්බාධක නියෝගයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60.33 දක්වා 1.41 කින් ද, ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 56.69 දක්වා 1.42 කින් ද ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
වසර 2022 වන විට ලෝක වෙළෙඳපොළට බොරතෙල් අපනයනය කරන රටවල් අතරින් 22 වැනි ස්ථානයේ පසු වූ වෙනිසියුලාව සිය තෙල් නිෂ්පාදනයෙන් 73% ක්ම අපනයනය කරන අතර, වසර 1960 දී පිහිටුවා ගත් ලෝක ඛනිජතෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (ඔපෙක්) ආරම්භක සාමාජිකයකු ද වේ.