චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර මිලියන 11,484 ක් මෙරටට ලැබී තිබෙනවා. නැව් වාර තුනකින් මෙම රෙදි මෙරටට ලැබීමට නියමිතයි. මේ වන විට ලැබී ඇති රෙදි නිල වශයෙන් බාරදීම ඊයේ සිදු කෙරුණා.
මෙරට චීන තානාපති වී ජෙන්හොං මහතා විසින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඊයේ එම රෙදි නිල වශයෙන් බාරදෙනු ලැබුවා. එම රෙදි ලබන 19 වැනි දින සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බාර දීමට නියමිතයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, දරුවන්ට සමානාත්මතාවෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සහ දරන රටවල් දෙක් ලෙස චීනය සහ ශ්‍රී ලංකා හඳුන්වා දිය හැකි බවයි.
මෙමගින් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බවද ඇය කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.