වසරේ ගතවූ දින 13 තුළ මාරක අනතුරු 77 කින් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
පසුගිය දින කිහිපයේ මෙරටින් මාරක අනතුරු රැසක් වාර්තා වූ පසුබිමක, අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ අද (13) එක්වෙමින් රථ වාහන නීතිය හා මාර්ග ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වමින් සේනාධීර මහතා මේ බව අනාවරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සිදුව ඇති අනතුරුවලින් බහුතරයක් බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදුව ඇති බවය.