Loading...
මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ 871 ක් අත්අඩංගුවට.
Local මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ 871 ක් අත්අඩංගුවට.
  • Admin
  • Jan 13, 2026 | 14:28

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ගතවූ දිනයේ දී පුද්ගලයින් 871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ ඊයේ (12) දිනයේ දී සිදුකළ වැටලීම් 888 කදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවය.


එහිදී සැකකරුවන් 08 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 09 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කළ බව සඳහන් වේ.


මීට අමතරව අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.


ඒ අනුව, ඊයේ දිනයේ දී සැකපිට පුද්ගලයින් 1,018 ක් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 530 ක් බවද සඳහන් වේ.


අපරාධ සඳහා සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 15 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුර සඳහන් කරයි.