චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳ සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් දැනුම්දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.
දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කර යළි චීනය බලා යන අතරවාරයේ චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේය.
කෙසේවෙතත් එම පිරිස සිය සංචාරය නිමා කරමින් පෙ.ව. 10.30 ට පමණ යළිත් චීනය බලා පිටත්ව ගියේය.