Loading...
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට.
Local නීති විරෝධී දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට.
  • Admin
  • Jan 12, 2026 | 10:46

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400 ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ ඉන්දීය ජාතික පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.