Loading...
දිට්වා හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි.
Local දිට්වා හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි.
  • Admin
  • Jan 12, 2026 | 10:40

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට යළි ආරම්භ වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්විමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ඒ සඳහා ස්ථාපිත කර තිබේ.

විභාගය අද (12) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.

විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පත්‍ර අස්ථානගත වී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට ද විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බවය.