Loading...
T56ක් සමග හසුවූ සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ .
Local T56ක් සමග හසුවූ සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ .
  • Admin
  • Jan 09, 2026 | 10:26

T56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 16ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අධිකරණය මීටියාගොඩ පොලිසියට අවසර ලබාදී තිබේ.

අදාළ සැකකරු ඊයේ (08) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.ඒ අනුව සැකකරු මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


ඉකුත් 07 වනදා රාත්‍රී කාලයේ මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක්, ටී56 වර්ගයේ පතරොම් 16ක්, 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් හා හෙරොයින් ග්‍රෑම් 144 සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු වයස අවුරුදු 44ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.