පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ ජන ජීවිතට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මේ හේතුවෙන් පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ආපදා අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම නිවාස 40කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යට වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.